Saturday, November 6, 2010

INFORMATION SOCIETY යනු..............

                        මූලශ්‍ර වලට අනුව මානව ශිෂ්ඨාචාරය ආරම්භ වන්නේ ගල් යුගයෙන්ය. එදා මානවයාගේ අවශ්‍යතාවයන් ඉතාමත් සරල වූහ. අමු මස් හා ගඩාගෙඩි ආහාරයට ගත් ඔවුහු ගල් ගුහා සිය වාසස්ථානය කර ගත්හ. ඔවුන් තුළ සදාචාරය ආරම්භ වන්නේ මේ යුගයෙදීය. ක්‍රමයෙන් මේ මානවයා එඬේර යුගයට පා තැබූහ. සතෙකු එළා ගත් මොවුහු එය සුද්ද කර පුළුස්සා ආහාරයට ගත්හ. ඇඳුම් පැළදුම්, අතු රිකිලි වලින් සත්ව සම් වලට පරිණාමනය විය.
                         පසුව මෙම මානවයා ගොවි යුගයෙහි කළ එළි දකින්නට විය. ස්ථිර වාසස්ථානයක්, ගොවිතැනින් ස්වයංපෝෂිත වූ අර්ථ ක්‍රමයක් ඔවුනට උරුම විය. ගල් යුගයෙන් ඇරඹුණු මේ මිනිසා සිය සදාචාරය දරුවනට කියා දුන්හ. හොඳ නොහොඳ හඳුනන මනා ගතිගුණ වලින් හෙඹි දරු පරපුරක් බිහි වන්නට විය. සමස්ථ සමාජයම ආගම දහම කේන්ද්‍රීය කර ගෙන දෙමාපිය අවවාද ඔස්සේ සමාජය අතපත ගාන්නට පටන් ගත්තේය.
                            මෙකී පරපුර කාර්මික යුගයට පියවර මනින්නට පටන් ගත්තේ මේ අවධියේදීය. රෝදය හා එන්ජිම කේන්ද්‍ර කර ගත් මෙම යුගයේ මිනිසාට මින් පෙර යුගයන්හි සදාචාරය සියයට සියයක්ම ගැළපුණේ නැත. එහෙයින් ගැළපෙන්නා වූ දෑ ඉඳිරියට පවත්වාගෙන යාමටත්, නොගැළපෙන්නා වූ දෑ ඉවත් කිරීමටත් වැඩිහිටි පරම්පරාව දූ දරුවන් හට ඉගැන්වූවේය.
                           වාසනාවකටදෝ අවාසනාවකටදෝ මන්දා වර්තමාන සමාජය නාගරීකරණය වීමත් සමඟ Telephone Technology සහ Computer Technology කේන්ද්‍ර කර ගත් Digital Society  කරා පියමන් කරමින් සිටියි. දැයේ දරුවනට මෙයින් නෙළා ගත හැකි ඵල මෙතෙකැයි කියා කියා නිම කළ නොහැකි තරම්ය. අවශ්‍යවන්නේ විෂය මාලාවන්ට අදාළ තොරතුරුද?, ව්‍යාපාර කටයුතු පිළිබඳ තොරතුරුද? නැතහොත් දේශපාලන තොරතුරුද? මේ සියල්ලක්ම මේසයක් ළඟ හිඳිමින් ස්වයං අධ්‍යයනයක යෙදී ඉගෙනීමට අපට හැකියාව ලැබී ඇත.
                             එනමුදු දැයේ දුවා දරුවන්ගේ කුමන පාපයකටදෝ මන්දා වර්තමාන සමාජය දුරකථනය සහ පරිගණකය යොදා ගන්නේ සමාජ පරිහානිය උදෙසාය. සදාචාරය කෙළෙසීම, අනුන් රැවටීම, දියුණුවට මඟ ඇහිරීම ඔවුන්ගේ විනෝදාංශ වී හමාරය. මඳක් සිතන්න. ඔබත් මෙකී ගණයෙහිද? ඔබ සිතන පරිඳි වර්තමාන සදාචාරය මෙයද?
                              සක් සුඳක් සේ පැහැඳිලිය. ඔබ මේ යුගයේ සදාචාරය නොදන්නේය. කිමෙක්ද? Knowledge Based Society එකක සදාචාරය මෙයැයි කියා කියා දීමට දෙමාපියන් මෙම සදාචාරය අංශු මාත්‍රයක් වත් නොදන්නේය. ගවේශණය කරන්න, කුමක්ද මේ සදාචාරය කියා? පසුව මසැසින් සිතා බලා ඔබත් අනුගත වන්න. එඳිනට ඔබත් මේ සමාජයේ කොටස්කාරයෙක් යැයි සිතා උදම් ඇණිය හැකි වනු නොඅනුමානය.

Author:- S.A.Anusha Harshani Samaraweera
Email:- anuash119@gmail.com
Batch:- PCJT 32
Group:- Aurora

No comments:

Post a Comment