Monday, November 15, 2010

Sports and ICT

                              සාමාජයීය හා ආර්ථික වශයෙන් ඵලදායී ලෙස ජීවත් වීමට අවශ්‍ය කායික, මානසික, සාමාජයීය සහ ආධ්‍යාත්මික සුවතාව පූර්ණ සෞඛ්‍යය ලෙස ලෝක  සෞඛ්‍යය සංවිධානය නිර්වචනය කරයි. මෙම සිව්වැදෑරුම් අංශයන්හි ප්‍රධානම සාධකයක් ලෙස Sports හැඳින්විය හැක. අතීතයේ සිට පැවත එන ක්‍රීඩා දෙස විමසිලිමත් ව දෑස් යොමු කළ කල්හි අපට පෙනී යන්නේ නිරෝගිමත් මිනිසෙකු බිහි කිරීමට එම ක්‍රීඩා බෙහෙවින් ඉවහල් වූ බවයි.
                                      ගල් යුගයේ මිනිසා දෙස බැලූ කළ ඔවුනට විශේෂයෙන් ව්‍යායාම අවශ්‍ය නොවූ බව අපි දනිමු. කෘෂිකාර්මික යුගයේ ජීවත් වූ මිනිසා ඔවුන්ගේ ජීවන රටාවට ගැළපෙන අයුරින් ක්‍රීඩා සංවිධානය කර ගත්තේය. ඒ අතර ජන ක්‍රීඩා වලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. පොරපොල් ගැසීම, එළුවන් කෑම, ඔළිඳ කෙළිය, පංච දැමීම, චග්ගුඩු පැනීම විශෙෂයෙන් සඳහන් කළ හැකිය.
                                    පසුව වෂ්ප එන්ජිමත් රෝදයත් කේන්ද්‍ර කර ගත් සමාජයට පිය මැන්න මිනිසා ක්‍රමක්‍රමයෙන් ගැමි ක්‍රීඩා වලින් දුරස් වන්නට විය. ජන ක්‍රීඩා සිංහල හින්දු අලුත් අවුරුද්දට පමණක් සීමාවිය. කෘතීම ජීවන රටාවකට හුරු වූ මිනිසා ක්‍රීඩා පිට්ටනියට පය තබන්නට පුරුදු විය. සමහරු ක්‍රීඩාව සිය වෘත්තිය කර ගත්හ. සමහරුන්ගේ දිවියට ක්‍රීඩාවේ අංශු මාත්‍රයකුදු ගෑවී නොමැත. මේ අතරතුරේදී තොරතුරු යුගයට පිය මැන්න මිනිසාට ක්‍රීඩාව උරුම වෙන්නේ අර්බුද විශාල ප්‍රමාණයක් සහිතවය.
                                    ඔබ දැන් සිටින්නේ මෙකී තොරතුරු තාක්ෂණ යුගයේය.එසේ නම් කලින් කී අර්බුද ඔබටත් උරුම වේ. සිතන්න මොනවාද ඔබට හා මට උරුම වූ ගැටලු කියා? සොයන්න තොරතුරු තාක්ෂණයෙන් මොනවද විසඳුම් කියා?
              මේ පිළිබඳව ඔබත් වැඩි විස්තර දැන ගැනීමට කැමතිද? එසේ නම් ඔබත් පැමිණෙන්න නොවැම්බර් මස 19,20,21 SLECC (Infront of Lake House) එකට Java World Congress නැරඹීමට........


Saturday, November 13, 2010

ක්‍රීඩාවේ ව්‍යාප්තිය හා නව ප්‍රවණතා.............

                 මානව ශිෂ්ඨාචාරය ආරම්භයට පෙර සිටම 'ක්‍රීඩාව' පැවති බව බොහෝ මානව විද්‍යාඥයෝ විශ්වාස කරති. ක්‍රීඩාව මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමනය හා ඍජුවම බැදී පවතින  බැවින් සංකෘතිය, කලාව, සංගීතය, සදාචාරය හා නීතිය වැනි අංශ වල සංවර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස ක්‍රීඩාව බලපෑ බවත් Johan Huiznga නැමැති මානව විද්‍යාඥයා ඔහුගේ Homo Ludens(Man the player) නැමැති කෘතියෙහි සඳහන් කරයි. මේ අනුව ක්‍රීඩාව සමාජ සංවර්ධනයටත් සමාජ සංවර්ධනය ක්‍රීඩාවටත් අන්‍යෝන්‍ය ලෙස බලපෑමක් කර ඇති බව පැහැදිලි වෙයි. ක්‍රීඩා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් සංවිධානයෙන් වැඩි ක්‍රීඩා හා සංවිධානයෙන් අඩු ක්‍රීඩා ය. සංවිධානයෙන් වැඩි ක්‍රීඩා වලට ප්‍රධාන ක්‍රීඩා යැයිද කියනු ලැබේ. සංවිධානාත්මක ක්‍රීඩා වල ලක්ෂණ සමහරක් නම් දැඩි නීති රීති තිබීම, අර්ථකථනය වැඩි සම්පත් අවශ්‍ය වීම, සංකීර්ණ විනිශ්චයක් තිබීම ආදියයි. සංවිධානයෙන් අඩු ක්‍රීඩා වල නීති රීති අඩුය. සම්පත් විනිශ්චය, නීති රීති අර්ථකථනය කිරීම අඩුය. සමහර අවස්ථාවන්හිදී භූමි භාවිතයෙන් තොරව වුවද මෙම ක්‍රීඩා කළ හැකිය.

            
                                    
                            ප්‍රධාන ක්‍රීඩාවක එක් දක්ෂතාවක් හෝ දක්ෂතා රශියක් ප්‍රගුණ කිරීම සඳහා යොදා ගන්නා, නීතිරීති අඩු, විනිශ්චයකරුවන්, සම්මත මිමිව්ලින් යුත් ක්‍රීඩා පිටි, අනවශ්‍ය ක්‍රීඩා අනු ක්‍රීඩා නම් වේ. දෙදෙනෙකු අතර හෝ එකිනෙකා අතර හෝ කණ්ඩායමක් අතර එම අවථාවේ පවතින සම්පත් උපයොගී කර ගනිමින් සහජ හැකියා, ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ක්‍රීඩා සුළු ක්‍රීඩා නම් වේ.
                           නූතන් විද්‍යාත්මක, ඉලෙක්ට්‍රොනික, පරිගණක සංවධනයන් ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහිද බෙහෙවින් බලපා තිබේ. සමහරක් යහපත් බලපෑම් වන අතර, සමහරක් අයහපත් බලපෑම් බවට පත්ව ඇත. ඈත අතීතයේ ක්‍රීඩා තරඟ පැවතියේ ස්වාභාවික භූමිභාගයක් මතය. පසු කලෙක සාමාන්‍ය ක්‍රීඩා පිටිවල ක්‍රීඩා තරඟ පැවැත්වුණි. 20 වන සියවසේදී විශේෂ ක්‍රීඩා උළෙලවල් සඳහා විශේෂ ක්‍රීඩා පිටි ඉදිවන්නට විය. මේවා හුදෙක් ක්‍රීඩා පිටි නොව ක්‍රීඩා සංකීර්ණයන්ය. ක්‍රීඩකයින්ට පමණක් නොව මාධ්‍යකරුවන්ට, සංවිධායකයින්ට විශේෂ ගොඩනැගිලි පහසුකම් ඉදිවිය. මෙම සංකීර්ණ විවිධ නම් වලින් හැඳින්වෙන්න්ට විය.
                            ක්‍රීඩා පිටි සැකැස්මට අමතර්ව නූතන විද්‍යාත්මක දියුණුව, ක්‍රීඩා කෙරෙහි බලපාන්නට වූයේ පුහුණු කිරීම් උපකරණ හා විනිශ්චය ක්‍රම කෙරෙහිය. එහි අහිතකර බලපෑම් දක්නට ඇත්තේ සමහර ක්‍රීඩකයින් උත්තේජක හා වෙනත් ඖෂධ භාවිත මඟින් සිය දක්ෂතා වැඩි දියුණු කර පෙන්වීමට හුරුවීමය. දැනට මේවා විද්‍යාත්මක විශ්ලේෂණ මඟින් සොයා ගැනීමට හැකියාවක් ඇතත් අනාගතයේදී ඉතා සියුම් සහ සංකීර්ණ තත්ත්වයන් උද්ගතවීමට පුළුවන.
                            ක්‍රීඩා තරඟ විනිශ්චය සඳහා භාවිතා කෙරෙන සියුම් ඉලෙක්ට්‍රෝණික උපකරණ කෙරෙහි දුරස්ථ පාලන ක්‍රම මඟින් බලපෑම් කිරීමට හැකියාවක් ඇත. මුළු මහත් ලෝකයම වානිජකරණයට යටවී තිබේ. ක්‍රීඩා ක්ෂේත්‍රයද ඉන් මිදී නැත. මේ අනුව අනාගතයේදී සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුදල් හමුවේ ස්වකීය දක්ෂතාවයන් හා ජයග්‍රහණයන් පාවාදීම් ගැන තොරතුරු අසන්නට ලැබෙනු ඇත. දුරස්ථ පාලක ක්‍රමයන් මඟින් ක්‍රීඩකයන් හා ක්‍රීඩා උපකරණවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට මෙන්ම අක්‍රීය කිරීමටද හැකිවනු ඇත.
 
Author:- S.A.Anusha Harshani Samaraweera
Email:- anuash119@gmail.com
Batch:-32
Group:- Aurora

Saturday, November 6, 2010

INFORMATION SOCIETY යනු..............

                        මූලශ්‍ර වලට අනුව මානව ශිෂ්ඨාචාරය ආරම්භ වන්නේ ගල් යුගයෙන්ය. එදා මානවයාගේ අවශ්‍යතාවයන් ඉතාමත් සරල වූහ. අමු මස් හා ගඩාගෙඩි ආහාරයට ගත් ඔවුහු ගල් ගුහා සිය වාසස්ථානය කර ගත්හ. ඔවුන් තුළ සදාචාරය ආරම්භ වන්නේ මේ යුගයෙදීය. ක්‍රමයෙන් මේ මානවයා එඬේර යුගයට පා තැබූහ. සතෙකු එළා ගත් මොවුහු එය සුද්ද කර පුළුස්සා ආහාරයට ගත්හ. ඇඳුම් පැළදුම්, අතු රිකිලි වලින් සත්ව සම් වලට පරිණාමනය විය.
                         පසුව මෙම මානවයා ගොවි යුගයෙහි කළ එළි දකින්නට විය. ස්ථිර වාසස්ථානයක්, ගොවිතැනින් ස්වයංපෝෂිත වූ අර්ථ ක්‍රමයක් ඔවුනට උරුම විය. ගල් යුගයෙන් ඇරඹුණු මේ මිනිසා සිය සදාචාරය දරුවනට කියා දුන්හ. හොඳ නොහොඳ හඳුනන මනා ගතිගුණ වලින් හෙඹි දරු පරපුරක් බිහි වන්නට විය. සමස්ථ සමාජයම ආගම දහම කේන්ද්‍රීය කර ගෙන දෙමාපිය අවවාද ඔස්සේ සමාජය අතපත ගාන්නට පටන් ගත්තේය.
                            මෙකී පරපුර කාර්මික යුගයට පියවර මනින්නට පටන් ගත්තේ මේ අවධියේදීය. රෝදය හා එන්ජිම කේන්ද්‍ර කර ගත් මෙම යුගයේ මිනිසාට මින් පෙර යුගයන්හි සදාචාරය සියයට සියයක්ම ගැළපුණේ නැත. එහෙයින් ගැළපෙන්නා වූ දෑ ඉඳිරියට පවත්වාගෙන යාමටත්, නොගැළපෙන්නා වූ දෑ ඉවත් කිරීමටත් වැඩිහිටි පරම්පරාව දූ දරුවන් හට ඉගැන්වූවේය.
                           වාසනාවකටදෝ අවාසනාවකටදෝ මන්දා වර්තමාන සමාජය නාගරීකරණය වීමත් සමඟ Telephone Technology සහ Computer Technology කේන්ද්‍ර කර ගත් Digital Society  කරා පියමන් කරමින් සිටියි. දැයේ දරුවනට මෙයින් නෙළා ගත හැකි ඵල මෙතෙකැයි කියා කියා නිම කළ නොහැකි තරම්ය. අවශ්‍යවන්නේ විෂය මාලාවන්ට අදාළ තොරතුරුද?, ව්‍යාපාර කටයුතු පිළිබඳ තොරතුරුද? නැතහොත් දේශපාලන තොරතුරුද? මේ සියල්ලක්ම මේසයක් ළඟ හිඳිමින් ස්වයං අධ්‍යයනයක යෙදී ඉගෙනීමට අපට හැකියාව ලැබී ඇත.
                             එනමුදු දැයේ දුවා දරුවන්ගේ කුමන පාපයකටදෝ මන්දා වර්තමාන සමාජය දුරකථනය සහ පරිගණකය යොදා ගන්නේ සමාජ පරිහානිය උදෙසාය. සදාචාරය කෙළෙසීම, අනුන් රැවටීම, දියුණුවට මඟ ඇහිරීම ඔවුන්ගේ විනෝදාංශ වී හමාරය. මඳක් සිතන්න. ඔබත් මෙකී ගණයෙහිද? ඔබ සිතන පරිඳි වර්තමාන සදාචාරය මෙයද?
                              සක් සුඳක් සේ පැහැඳිලිය. ඔබ මේ යුගයේ සදාචාරය නොදන්නේය. කිමෙක්ද? Knowledge Based Society එකක සදාචාරය මෙයැයි කියා කියා දීමට දෙමාපියන් මෙම සදාචාරය අංශු මාත්‍රයක් වත් නොදන්නේය. ගවේශණය කරන්න, කුමක්ද මේ සදාචාරය කියා? පසුව මසැසින් සිතා බලා ඔබත් අනුගත වන්න. එඳිනට ඔබත් මේ සමාජයේ කොටස්කාරයෙක් යැයි සිතා උදම් ඇණිය හැකි වනු නොඅනුමානය.

Author:- S.A.Anusha Harshani Samaraweera
Email:- anuash119@gmail.com
Batch:- PCJT 32
Group:- Aurora